ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් දෙරටේ ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගැටලුවක් විසඳීමට ඇති එකම විසඳුම ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය නොවන බව අවධාරණය කළ ප්‍රේමදාස මන්ත්‍රීවරයා තාවකාලික සාමයට වඩා ස්ථිර සාමයක් විශ්වාස කරන බවයි පැවසුවේ.
එවැනි ස්ථීර සාමයක් සඳහා දෙරටේ නායකයන් අතර එකඟතාවක් ඇති කර ගත යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සඳුදා (ඔක්තෝබර් 16) පලස්තීන තානාපති ආචාර්ය Zuhair Hamdallah Zaid මහතා හමුවීමෙන් අනතුරුවයි.
දෙරටේම ළමුන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් මිය ගොස්, තුවාල ලබා හෝ වධහිංසා පමුණුවා ඇති බවත්, යුද තත්ත්වය හමුවේ අහිංසක සිවිල් වැසියන් මිය යන බවත් පෙන්වා දුන් ඔහු, මෙම ගැටුම් අවසන් කරන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ගැටුම් හේතුවෙන් දෙරටේම ජීවිත අහිමි වූවන් වෙනුවෙන් සිය ශෝකය පළ කළා.
(colombotimes.lk)