07 January 2026

logo

බ්ලැක් ලිස්ට් වූ වාහන 5,000ක් අලෙවි කිරීමක්



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අසාදු ලේඛන ගත කර භාවිතයෙන් ඉවත් කර තිබෙන වාහන පන්දහසකට වැඩි සංඛ්‍යාවක් විවිධ පාර්ශව වෙත අලෙවි කර තිබෙනවා.

ඒ අනීතික අන්දමින් ලියාපදිංචි තොරතුරු වෙනස් කරමින්.

අදාළ වාහන විවිධ නෛතික ගැටලු හේතුවෙන් අසාදු ලේඛන ගත කර ඇති බව සඳහන්.

මෙම ජාවාරම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කලක පටන් සිදුකර තිබෙන බව වාර්තා වනවා.
(Colombotimes.lk)