ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වාත් ඉහළ දැමීමට හම්බන්තොට ලුණු සමාගම තීරණය කර තිබෙනවා.
එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බවයි.
මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බවද හම්බන්තොට ලංකා ලුණු සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)