27 January 2025


සමන් ද සිල්වා කෑම බිලට අමතරව ගාණක් ගෙවයි



ආහාරපාන අලෙවිසලක ඇති වූ සිදුවීමකට අදාළව චෝදනා එල්ල වී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා එම සිද්ධිය සමතයකට පත්කර ගැනිමට ඊයේ (03) එකඟ වූ බව පානදුර දකුණ පොලිසිය පවසනවා. 

ඒ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදීමෙන් පසුවයි. 
 
පානදුර හෝටලයක පසුගියදා (01) රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. 
 
එම මුදල් ලබාගැනීම සදහා පැමිණිලි පාර්ශවයද එකගත්වය පලකර පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බවයි පොලිසිය පැවසුවේ. 
 
ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා ඉකුත් 01 දා රාත්‍රි මිතුරන් පිරිසක් සමග පානදුර වලාන ප්‍රදේශයේ අවන්හලකට ගොස් පරාටා, කොත්තු සහ කුකුළු මස් මිළදී ගෙන ආහාරයට ගෙන තිබුණා. 
 
ඉන් පසු බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර් වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සදහන් ව තිබූ බවයි පොලිසිය පැවසුවේ. 
 
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන් ද සිල්වා මහතා සදහන් කළේ එය මාධ්‍ය මගින් ප්‍රචාරය කළ පරිදි සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000 ක් ලබාදී දෙපාර්ශවය සමතයකට පත්වූ බවයි.
(colombotimes.lk)