04 January 2026

logo

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවයි



පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා නියෝග කර තිබෙනවා.

ඒ, ඊයේ (21) දින සභාවේ සිදුවූ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන්.

මෙම සිදුවීම තමන් බරපතළ ලෙස හෙළා දකින බවයි කථානායකවරයා පැවසුවේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව කථානායකවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එය අද (22) දින සිට ක්‍රියාත්මක බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)