සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවයි.
එමඟින් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000ක් පිරිපහදු කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ දෛනිකව බැරල් 40000ක් පිරිපහදු කිරීමට හැකි බවයි.
නව පිරිපහදුව ඉදි කිරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)