10 March 2025


පාසල් දරුවන් ආපදාවන්ට ගොදුරුවීමේ අවදානමක්



ගොඩනැගිලිවල දුර්වල ගුණාත්මකභාවය හේතුවෙන් බොහෝ පාසල්වල දරුවන් ආපදාවන්ට ගොදුරුවීමේ අවදානමක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්න ප්‍රකාශ කළා.

ඒ අද (10) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින්.

එහිදී ඇය සඳහන් කළේ කඩුවෙල ප්‍රදේශයේ පමණක් පාසල් 10ක අඩු ගුණාත්මක ගොඩනැගිලි ඇති බවයි.


(colombotimes.lk)