30 May 2026

logo

පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි



රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද (10) සිට එළඹෙන 19වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වන බවයි. 

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)