08 January 2025


වසර මිලියන 85 කට පෙර පෘථිවියෙන් අතුරුදන් වූ අටවැනි මහද්වීපය ගැන තොරතුරු එළියට



පෘථිවියේ අටවැනි මහද්වීපය 'සීලන්ඩියා' Zealandia බව භූ විද්‍යාඥන් පෙන්වා දෙනවා. 

නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවයි ඔවුන් පවසන්නේ. 
 
මෙම මහද්වීපය භූ විද්‍යාඥයන් විසින් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරයි. 
 
නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් ව සිටිනවා. 
 
මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ නවසීලන්ත දූපත් රාජ්‍යය පමණයි. 
 
එම මහාද්වීපයෙන් සියයට 94ක් මුහුදට යටවී ඇති අතර, ඉතිරි සියයට 6 ලෙස භූ විද්‍යාඥයන් සලකන්නේ නවසීලන්තයයි. 
 
ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම මහද්වීපය මුහුදේ ගිලෙන්න ඇත්තේ මිලියන 85 කට පෙර බව භූ විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙනවා. 
 
මෙම 8 වැනි මහාද්වීපයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5ක් පමණ වන බව වාර්තා වන අතර ඒ අනුව ‘සීලන්ඩියා’ මහද්වීපය මැඩගස්කරයට වඩා 6 ගුණයක් පමණ විශාල වන බවද සඳහන්.
(colombotimes.lk)
 
Scientists Discover 8th