09 February 2025


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් සෞන්දර්ය විෂයන් ඉවත් වෙයිද?



අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව යන අයතනයන්හි නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටු නියෝජිතයන් පිරිසක් අතර ඊයේ (08) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ 2026 සිට ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන්.

මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයන් සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉවත් නොකරන බවයි.

අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා මගහරවා ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන ආකාරය සහ මේ වන විට ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)