2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඉතාලි කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉතාලි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 207ක් රැස් කළා.
මෙය වාර්තා වුණේ මෙවර ලෝක කුසලානයේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
(COLOMBOTIMES.LK)
