දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් දීඝවාපිය පරිශ්‍රයේ දී සංකේතාත්මක ස්තූප ගඩොලක් තැන්පත් කිරීම සිදු කළා.
සමස්ත ක්‍රියාවලියට අරමුදල් සපයනු ලබන්නේ දානපතියන්ගේ නොමසුරු සහය ඇති දීඝවාපිය අරුණ භාරය අරමුදල මගින් වනවා.
දීඝවාපි සෑයේ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් දැක බලා ගැනීමටත්, නොමසුරුව ආධාර ලබාදීමටත් සැදැහැවතුන්ට දීඝවාපිය වෙබ් අඩවිය වන www.deegawapiya.lk, deegawapiyaaruna@gmail.com හරහා හෝ 011 2430860-78 අංකයෙන් විස්තර ලබා ගත හැකියි.
(colombotimes.lk)