2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක
ඉන්දියා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය මේ
වන ඉන්දියාවේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරධනා කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.
මේ සමඟින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 196ක්.
මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර අනෙක් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.
