02 May 2026

logo

ජනපතිවරණය කල් දැමූ ජනපතිට එරෙහිව ජනතාව පාරට



සෙනෙගාලයේ ජනාධිපතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමට එරට ජනාධිපති මැකී සෝල් පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එරට ජනතාව සහ විපක්ෂ දේශපාලන පක්ෂ ඩකාර් අගනුවර උත්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයක් හේතුවෙන් විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුම් ඇති කර ගත් බව වැඩිදුරටත් සඳහන් වනවා.

එරට ව්‍යවස්ථා කවුන්සිලය සහ ජාතික සභාව අතර මතභේදයක් හට ගැනීම හේතුවෙන් අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ හේතුවෙන් මේ මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)