වකුගඩු රෝගීන් සහ ආබාධ සහිත අය වෙනුවෙන් ලබා දෙන මාසික දීමනාව රුපියල් 7,500 සිට 10,000 දක්වා ඉහළ නැංවීම සඳහා යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම වැඩිහිටියන් සඳහා වන මාසික දීමනාව 3,000 සිට 5,000 දක්වා ඉහළ නංවන බවයි 2025 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ.