මහනුවර රෝහලේ දිලීර ආසාදනයක් හේතුවෙන් සිදුවූ බව කියන මරණ හත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
2026 වන තෙක් NMRA අනුමත ඖෂධයක් වන peritoneal ඩයලිසිස් ද්‍රාවණයෙන් ප්‍රතිකාර කර ඇති වකුගඩු රෝගීන් 07 දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වසරේ ජනවාරි මාසයේදී එක් මරණයක් සිදුවී ඇති අතර මේ වසරේ ජුනි මාසයේදී 5ක් සිදුවී ඇති බවට රෝහල් කළමනාකාරීත්වය විසින් දන්වා තිබෙන බවයි අධ්යක්ෂවරයා පැවසුවේ.
කෙසේ වෙතත්, මෙම මරණ සිදුවී ඇත්තේ දිලීර ආසාදනයක් හේතුවෙන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව වෛද්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)