06 February 2026

logo

දිස්ත්‍රික්ක 16කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි.

(colombotimes.lk)