03 July 2025

logo

ෂාෆ්ටර්ගේ සිරුර කරාපිටියට



දිනේශ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ ගොඩ ගනු ලැබුවා. 

ඒ අනුව ගොඩගත් දේහය නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විම සඳහා අද සවස කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය මෘත ශරිරාගාරය වෙත ගෙන ගියා. 
 
කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී.පෙරේරා, කරාපිටිය රෝහලේ විශෙෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර යන මහත්වරුන් ඇතුලු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතයි.
(colombotimes.lk)