colombotimes.lk
සිංහල | English

06 May 2024

ශකිබ් නැවතත් විස්සයි විස්ස සංචිතයට



බංගලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20යි 20 තරගාවලියට ඔහුව බංගලාදේශ කණ්ඩායමට කැඳවීමට නියමිතයි.

ඒ පිළිබඳ ශකිබ් සමඟ තවදුරටත් අදහස් හුවමාරු කර ගනිමින් පවතින බව බංගලාදේශ ක්‍රිකට් තේරිම් කමිටු ප්‍රධානී ගාසී අෂ්රෆ් ප්‍රකාශ කර තිබෙනවා.

37 හැවිරිදි ශකිබ් 2023 වසරේ ජුලි මාසයෙන් පසු බංගලාදේශ 20යි 20 කණ්ඩායම නියෝජනය කර නැහැ.

(colombotimes.lk)