18 July 2025

logo

පාවහන් වෙළෙඳසැලක් ගිනි ගනියි



හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළෙඳසැලක අද (18) ගින්නක් හටගෙන තිබෙනවා.

එම වෙළෙඳසැල වසා තිබූ අවස්ථාවේදී ගින්න සීඝ්‍රයෙන් පැතිරී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස පැතිරී ගිය ගින්න පාලනය කිරීම සඳහා දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ ගින්නෙන් කිසිඳු පුද්ගලයෙක්ට තුවාල සිදු වී නොමැති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙන අතර සිදු වූ දේපළ හානි පිළිබඳව ද  තක්සේරු කර ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය සඳහන් කළා.   




(colombotimes.lk)