03 March 2025


සමනල වැවේ ජල කාන්දුව දිගටම පවතින ලකුණු



සමනල වැවේ ජල කාන්දුව නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

එහි කාන්දුව නැවත්වීමට ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් සාර්ථක නොවූ බවයි එම නිලධාරීන් පෙන්වා දෙන්නේ.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)