colombotimes.lk
සිංහල | English

02 May 2024

සිල්වර් ටිප්ස් තේ දකුණු පළාතේ ප්‍රචලිත කිරීමේ වැඩසටහන අද



මිල අධික තේ වර්ගයක් වන සිල්වර් ටිප්ස් දකුණු පළාත තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහන අද (19) සිට ක්‍රියාත්මක වනවා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කියා සිටියේ ඒ සඳහා 20-43 තේ ප්‍රභේදය පවුල් 300ක ගෘහණියන් සඳහා නොමිලේ ලබා දීම සිදු කරන බවයි.

සිල්වර් ටිප්ස් තේ සඳහා යොදා ගන්නා මෙම තේ ප්‍රභේදය කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂයත් ලක්ෂ එකහමාරක් අතර මිලකට අලෙවි වනවා.  
(colombotimes.lk)