Sinopec Energy Lanka (Pvt) Ltd සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම සඳහා ඉන්ධන පිරවුම්හල් ක්‍රියාත්මක කිරීම සහ පිහිටුවීම සඳහා ගිවිසුමකට අද අත්සන් තැබුණා.
ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම ඇතුළත් ව්‍යාපෘතිය සඳහා Sinopec ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.
මෙම ව්‍යාපෘතියට දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ වනවා.
මීට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත අංක 17 ප්‍රකාරව Sinopec Energy Lanka ආයතනයේ අධීක්ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මඟින් ඉඩ ලබා දෙනු ඇති.
Sinopec විසින් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල්, 500 PPM ඩීසල්, ඩීසල් 10 COPPM, පෙට්‍රෝලියම් ජෙට් ඉන්ධන සහ අනෙකුත් ඩීසල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු විවිධ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීමට නියමිතයි.
එමෙන්ම මැයි මාසයේදී අත්සන් කරන ලද සිනොපෙක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර පවතින ගිවිසුම නොවෙනස්ව පවතිනු ඇති.
(colombotimes.lk)