17 September 2025

logo

සොබාධනවි LNG විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට



කෙරවළපිටියේ 'සොබාධනවි' ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය අද (17) ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර එය සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ලක්දනව් සමාගම විසින් සැලසුම් කළ 'සොබාධනවි' බලාගාරය මඟින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා. 

මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදු කිරීම විශේෂත්වයක්. 

(colombotimes.lk)