ඉන්ධන, ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත මෙරට තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (17) කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ අවස්ථාවට එක් වෙමින්.
එමෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරමින් ආර්ථික ස්වාධිපත්‍යක් ළඟා කර ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින අතර එම ප්‍රගතශීලි පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතාවගේ සහයෝගයද ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියා.
(colombotimes.lk)