31 March 2025


දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුරාවස්තු රැසකට හානි



දකුණු කොරියාවේ දරුණුතම ලැව්ගිනි හේතුවෙන් පුරාවස්තු රැසකට හානි සිදුවී තිබෙනවා.

එම පුරාවස්තු බේරා ගැනීමට ගිනිදැල් මධ්‍යයේ ළඟාවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු කොරියාවේ ගිනිකොණ දිග කලාපය පුරා ලැව්ගිනි දිගින් දිගටම පැතිර යමින් පවතිනවා.

උයිසොං ප්‍රාන්තයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන වසර 1300ක් පැරණි සිද්ධස්ථානයක්ද ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් විහාරස්ථානයේ ඉතිරිව තිබූ කෞතුක වස්තු රැසක් ඉවත් කර ගැනීමටද හැකිවී තිබෙනවා.

යුනෙස්කෝව මගින් ලැයිස්තුගත කර ඇති තවත් ස්ථාන දෙකක් අවදානමේ පවතින බවයි වාර්තා වන්නේ.

ගින්න දැඩිව පැතිර යන උයිසොං ප්‍රාන්තයේ ගින්න මැඩපැවැත්වීම සඳහා හෙලිකෝප්ටර් හා ගිනි නිවන රථ මෙන්ම ගිනි නිවන භටයන් 5000කට අධික පිරිසක් යොදවා තිබෙනවා.

අක්කර දහස් ගණනක් මේ වන විටත් ගින්නට හසුව විනාශ වී ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කරන්නේ.


(colombotimes.lk)