10 May 2025


දකුණු කොරියානු ජනපතිට එරෙහි දෝෂාභියෝග ඡන්ද විමසීම අද



දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝග ඡන්ද වීමසීම අද (07) එරට වේලාවෙන් රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය අඟහරුවාදා දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් හදිසියේම යුද නීතිය පැනවීමත් සමඟ මෙම දේශපාලන අර්බුදය ඇති වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියානු ජනාධිපතිවරයා බලයෙන් පහ කළ යුතු බව අවධාරණය කළ පාලක පක්ෂයේ නායක හන් දොන්ග් හුන් අත්අඩංගුවට ගන්නා ලෙස යූන් සුක් යෝල් ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි.

හිටපු අධිකරණ අමාත්‍යවරයෙක් වන ඔහු පාලක පක්ෂයේ නායකයා ලෙස මේ වසරේ ජූලි මාසයේදී තේරී පත්වුණා.

කෙසේ වෙතත් 'ජනතා බලය' පක්ෂය හෙවත් පාලක පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ දෝෂාභියෝග ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාට සහය පළ කරන බවයි.

එමෙන්ම මන්ත්‍රී ආසන 300කින් යුත් පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට ඇති නමුත් දෝෂාභියෝගය සම්මත වීමට අවශ්‍ය ඡන්ද 200 ලබා ගැනීමට අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 8දෙනෙක්ගේ සහය අවශ්‍ය බවද විදෙස් වාර්තා වල සඳහන් වනවා.

(colombotimes.lk)