14 March 2025


සහල් මිල ගැන විශේෂ දැනුම්දීමක්



සහල්වල උපරිම සිල්ලර මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අද (13) නිවේදනය කළා.

එම අධිකාරිය සඳහන් කළේ නියාමනය කළ මිල ගණන් වෙනස් වී ඇති බවට සිල්ලර වෙළෙන්දන් නොමඟ යවමින් සහල් මෝල් හිමියන් සහ තොග වෙළෙන්දන් ඉහළ මිලකට සහල් විකිණීමට උත්සාහ කරන බවට වාර්තා පළ වී ඇති බවයි.

වත්මන් උපරිම සිල්ලර මිල පහතින්,

කැකුළු සහල් - කිලෝග්‍රෑමයකට රු. 220
නාඩු සහල් - කිලෝග්‍රෑමයකට රු. 230
සම්බා සහල් - කිලෝග්‍රෑමයකට රු. 240
කීරි සම්බා සහල් - කිලෝග්‍රෑමයකට රු. 260

(colombotimes.lk)