නව දේශපාලන පක්ෂ ලියාපදිය සඳහා යොමු කළ අයදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම පක්ෂවල අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවයි.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80ක් පමණ ලැබී ඇති බව සභාපතිවරයා සඳහන් කළා.
සභාපතිවරයා සඳහන් කළේ පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී තිබූ අයදුම්පත් 44ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.
මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටින පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83ක් බව ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)