20 May 2026

logo

අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා



අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේදීත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)