13 December 2025

logo

වොෂින්ටන්හීදී ශ්‍රී ලංකාව ගැන විශේෂ සාකච්ඡාවක්



ඇමරිකාව විසින් පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ වොෂින්ටන් නුවරදීයි.

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගී වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

(colombotimes.lk)