පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට සිය ආදායම් සහ වියදම් වාර්තා ලබාදීම සඳහා ලබා දී තිබූ කාලය හෙට (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී තිබෙන්නේ 1985 දෙනෙක් පමණක් බවයි.
දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690ක් අතරින් 106ක් පමණක් අදායම් සහ වියදම් වාර්තා ලබා දී තිබෙනවා.