ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ මෙම තත්ත්වය තුළ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය වැනි ගංගා ද්‍රෝණිවල පිහිටි ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
විශේෂයෙන්ම කළු ගඟ මිල්ලකන්ද හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්ෂාපතනයේ අඩුවීම සමඟ මෙම තත්ත්වය පැවතිය ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සමඟ තවදුරටත් වර්ෂාපතනය ඉදිරි දිනවල ලැබිය හැකි බැවින් මෙය තාවකාලික අඩුවීමක් විය හැකි බවයි.
මේ වන විට ප්‍රධාන ජලාශ 73න් 18ක් වාන් දමමින් පවතින අතර මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් ද වාන් දමමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
