07 June 2026

logo

කොටා පාර හරහා ගමන් කරන ජනතාවට විශේෂ දැනුම්දීමක්



කොටා පාර දුම්රිය හරස් මාර්ගය අද (06) සහ හෙට (07) දින දෙක තුළ වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගය වසා තැබීම අද (06) උදෑසන 9.30 සිට හෙට (07) උදෑසන 7.30 දක්වා ක්‍රියාත්මක බවයි. 

එම කාලසීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ද සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)