30 May 2026

logo

දන්සැල් සංවිධානය කරන පිරිසට විශේෂ දැනුම්දීමක්



එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කළේ දන්සැල් පැවැත්වීමට සැලසුම් කරන පාර්ශවයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසයි. 

එහිදී දන්සැල පවත්වන ස්ථානය සහ කුමන ආකාරයේ දන්සැලක් ද යන්න අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඔහු මෙහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සියලුම දන්සැල් සංවිධායකවරුන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)