03 July 2025

logo

උත්සව සමයේ පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්



වැඩි මිලට භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැල් සොයා අද (25) සිට දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

ඒ උත්සව සමය කේන්ද්‍ර කරගනිමින්.

කූඨ වෙළෙඳුන්ට රැවටීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් ජනතාවට දැනුම්දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ මෙම කාලසීමාව තුළදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවිවන බැවින් අදාළ කාලසීමාව තුළදී සුපිරි වෙ‍ළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙ‍ළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතයි.

උත්සව සමය තුළදී පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු කාර්යාල වේලාව තුළදී 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ එම අධිකාරිය වෙත පැමිණිලි කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීමටත් හැකියාව ඇති බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)