22 October 2025

logo

බලපත්‍ර නොමැතිව මගීන් රැගෙන යන බස් රථ සම්බන්ධයෙන් විශේෂ වැටලීම්



බලපත්‍ර නොමැතිව මගීන් රැගෙන යන බස් රථ සම්බන්ධයෙන් විශේෂ වැටලීම් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. 

මේ සඳහා කණ්ඩායම් හතරක් යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ. 
 
පොළොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පසු බලපත්‍ර නොමැති බස් රථ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. 
 
බලපත්‍ර නොමැති බස් රථයක් කොටලීය පාලමෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබුවා.