07 May 2026

logo

හෙට පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්



අද (07) දිවයිනට පැමිණෙන වියට්නාම් ජනාධිපති ටූ ටෝ ලැම් හෙට (08) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කළේ හෙට (08) පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නියමිත වන බවයි.

අද (07) පාර්ලිමේන්තුව ආරම්භයේදී ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)