20 May 2026

logo

අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්



අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
 
එම අමාත්‍යාංශය සඳහන් කළේ උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. 

(colombotimes.lk)