01 July 2025

logo

මැතිවරණය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්



මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර මැතිවරණය සඳහා ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාරවලට අමතරව දුම්රිය සඳහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළ සඳහන් කළා.

(colombotimes.lk)