11 July 2025

logo

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරක්ෂාව තර කරයි



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීම සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයට (MSD) අතිරේක පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොදවා තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුට ආරක්ෂක කටයුතු සඳහා MSD නිලධාරීන් හත් දෙනෙකු හිමිවන බවයි. 
 
කෙසේ වෙතත්, පෙනෙන තර්ජන හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි අතිරේක MSD නිලධාරීන් තිදෙනෙකු සමඟ ඔහුගේ ආරක්ෂාව තර කර ඇති අතර, මුළු සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවා තිබෙනවා. 
 
එමෙන්ම අතිරේක ආරක්ෂක පියවරයන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
(colombotimes.lk)