31 May 2026

logo

ශ්‍රී ලංකා ලෝක වාර්තාව සිව්වන වරටත් බේරෙයි - නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්




2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී සංජු සැම්සන් පන්දු 46කින් ලකුණු 89ක්, ඉෂාන් කිෂන් පන්දු 25කින් ලකුණු 54ක් සහ අභිෂේක් ශර්මා පන්දු 21කින් ලකුණු 52ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායමට ලකුණු 256ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.

මේ සමඟින් T20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛයාව වාර්තා කළ ශ්‍රී ලංකා ලෝක වාර්තාව මෙවර ලෝක කුසලානයේදී සිව්වන වරටත් සුරැකුණා. 

(COLOMBOTIMES.LK)