ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අතර හමුවක් අද (25) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එහිදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී තිබෙනවා.
එමෙන්ම දෙරට අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)