ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 3 වන එක්දින තරගය හෙට කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගය හෙට පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C & D ඉහළ සහ පහළ ස්ථාන තුළ එම තරගය නොමිලේ නැරඹීමට මහජනතාවට අවසර ලැබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඒ සඳහා පස්වරු 1:00 ට එම දොරටු විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)