දකුණු අප්‍රික කණ්ඩායමට එරෙහිව පැවති 3වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් හිමි කරගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (07) රාත්‍රියේ සමත්වුණා.
මෙය වාර්තා අතරට එක්වුණේ එක්දින පිටියේ වැඩිම ලකුණු පරතරයක් සහිතව ලැබූ පරාජය ලෙසයි.
මීට පෙර මෙම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලියවී තිබුණා.
ඒ ඔවුන් ඉන්දියාවට එරෙහිව ලකුණු 317ක පරාජයක් ලබමින්.
දකුණු අප්‍රිකා - එංගලන්ත 3වන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 414ක් රැස් කිරීමට සමත්වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 72ක් පමණයි.
කෙසේ වෙතත් දෙරට අතර පැවති එක්දින තරගාවලියේ ජය තරග 2 - 1ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ලබාගත්තා.
(COLOMBOTIMES.LK)