01 February 2026

logo

ශ්‍රී ලංකාව අද තීරණාත්මක සටනක - ඉතිහාසය අලුත් කරයිද?



එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 ක්‍රිකට් තරගය අද (01) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගය එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11කින් ජයග්‍රහණය කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙනන මෙම තරගාවලියේ ජය ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතුයි.

මෙහිදි එංගලන්ත කණ්ඩායම හැරී බෘක් විසින් සහ ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළහොත් එය වාර්තා වන්නේ වසර 12කට පසුව එංගලන්තයට එරෙහිව ලැබූ පළමු T20 ජයග්‍රහණය ලෙසයි.




(colombotimes.lk)