colombotimes.lk
සිංහල | English

25 February 2024

ශ්‍රී ලංකාව, වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට



ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක පුවත් මූලාශ්‍රයක් වන Travel Off Path හි වාර්තාවකට අනුව 2024 දී වඩාත්ම වර්ධනය වන හොඳම රටවල් පහ අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. 

මෙම ලැයිස්තුව සම්පාදනය කර ඇත්තේ SALT.agency විසින්. 
 
ශ්‍රී ලංකාව විස්තර කරමින් වාර්තාවේ සඳහන් වන්නේ “ශ්‍රී ලංකා දූපත් රාජ්‍යය එහි විදේශීය ස්වභාවය, උණුසුම් දේශගුණය, වර්ණවත් සංස්කෘතිය සහ විස්මිත ආහාර නිසා ලොව පුරා සංචාරකයින් දිගු කලක් ආකර්ෂණය කරගෙන ඇත.' ලෙසයි.
(colombotimes.lk)