ලොව පදිංචිවීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.
ලොව ප්‍රකට Condé Nast Traveler සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම ඔවුන් සමඟ පදිංචිවීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට තෝරා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
මෙම සඟරාව නිකුත් කළ නවතම වාර්තා මඟින් 2025දී පවුලකට එක්ව සංචාරය කළ හැකි ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.
Condé Nast Traveler යනු බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර ගත් ලොව ප්‍රකට සංචාරක සඟරාවක්.
2025 මාර්තු මාසයේ නිකුත් කළ කලාපයට අනුව ඔවුන් මෙම වාර්තාව එළිදක්වා තිබෙනවා.
ඒ අනුව රටවල් 82ක නිර්ණායක 24ක් ඔස්සේ සලකා බලා මෙම තෝරා ගැනීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍ය පිළිවෙළින් හොඳම දෙවන හා තෙවන ගමනාන්ත බවට නම් කර තිබෙනවා.
එමෙන්ම පළමු ස්ථාන 10ට ඇතුළත් එකම ආසියානු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.
එමෙන්ම නවසීලන්තය, අයිස්ලන්තය, ජර්මනිය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව පිළිවෙළින් අනෙකුත් ශ්‍රේණිගත කිරීම්වලට පැමිණ තිබෙනවා.
අදාළ සඟරාව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, ජාතික වනෝද්‍යාන, මනරම් වෙරළ තීරයන්, රසවත් ආහාර, අතිවිශිෂ්ට සාප්පු සවාරි අත්දැකීම්වලට ද ශ්‍රී ලංකාව ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන බවයි.
(colombotimes.lk)