ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තරගය මෙම තරගයයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබාගැනීමට සමත්වුණා.
තරගය ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 292ක්.
මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළා.
ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට පන්දුවාර 38 අවසානයේදී සියල්ල දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 289 ක් පමණයි.
(Colombotimes.lk)
