07 January 2026

logo

ASIA CUP 2023 |ඇෆ්ගන් කණ්ඩායමට ලකුණු 292 ක ඉලක්කයක්



2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම​ට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබාගැනීමට සමත්වුණා.

තරගය ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 292ක්.

මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළා.

ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.
(Colombotimes.lk)